කැසිනෝ ගහන එක මානසික තෘප්තියක්!

කැසිනෝ ගහන එක මානසික තෘප්තියක්!


කැසිනෝ සෙල්ලම් කිරීමෙන් මුදල් දිනිම හෝ පරාජය වීමක් සිදු වුවත් එයින් මානසික තෘප්තියක් ලබන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානයක මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පේරාදේණිය විශ්ව විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ගම්වලට ස්විප් ගිහාම ගන්නේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු ඒ වගේම ගම්වලට බාර් එකකින් බොන්නේත් ඒ අහිංසක මිනිහාමයි. කැසිනෝ වලට අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරි බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා. නමුත් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තීරණය කර තිබෙන්නෙම් විශේෂයෙන් නාවික කේන්ද්‍රයක් මේ රට කර ගන්න හිතනාවම් අපිට කැසිනෝ සෙල්ලම් කරන්න පුළුවන් තරු 06 යේ හෝ තරු 7 හෝටල් කිහිපයක් ඉඳි කරන්න සිද්ධ වන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.


එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ අලූත් අවුරුද්දට පවුලේ සියළු දෙනාම පංච දනවා. එයින් සල්ලි දිනනවාට වඩා බලාපොරොත්තු වෙන්නේ සතුටු වෙනන්. එවන් දෙයක් තමයි මේ කැසිනෝ කියන්නේ බවත් එයින් රටට කිසිදු හානියක් සිදු නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.



Post a Comment