
පසුගිය සැප්තැම්බර් මස 28 වන දින රාත‍්‍රී වැලිකඩ, මොරගස්මුල්ල ප‍්‍රදේශයේ ප‍්‍රවීන සිනමාවේදි තිස්ස අබේසේකර මහතාගේ නැන්දනිය වු මාග‍්‍රට් ප‍්‍රනාදු මහත්මිය ගෙල සිරකර ඝාතනය කිරීමට සම්බන්ධයෙන් සැකකරුවෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය වු දිනයේදී එම නිවසේ තිබු මුදල් හා ස්වර්ණාභරණ සොරකම් කර තිබේ. මෙම අපරාධය සම්බන්ධයෙන් පරික්‍ෂණ පැවැත්වීමෙන් පසු සිද්ධිය සිදුකල ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා අද දින අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අවුරුදු 26-27 යන වයසේ පසුවන ගාල්ල පෝද්දල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ. තවද මොවුන්ගේ ප‍්‍රකාශ මත නිවසින් සොරකම් කරන ලද රත්තරං මුදු 03 ක් හා චේන් 01 ක් සොයාගෙන තිබේ. මෙම සිද්ධියේ එක් සැකකරුවෙකු නිවසේ සුළු සේවකයකු ලෙසට සේවය යෙදී සිට තිබේ.
Post a Comment