
උතුරු මැද පළාතේ පාසල් සිසුන් යොදවා ගනිමින් අලෙවි කළ ඉගෙනුම ලොතරැයිය වහාම අත්හිටුවන ලෙස උතුරු මැද පලාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා නියෝග කර තිබේ.
මෙම ටිකට් පත උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක‍්‍රියාත්මක කර තිබේ. මෙම ලොතරැයිය අවලංගු කර තිබෙන්නේ උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අදාළ නියෝගය ලබා දී තිබේ. එම ලොතරැයිය පාසල් සිසුන් යොදා ගනිමින් අලෙවි කිරීමට සහ ඉන් මුදල් ඉපැයීම සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් තමාට ලබා දෙන ලෙස ද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා දැනුම් දී තිබේ. අධ්‍යාපන සංවර්ධන අරමුදල සඳහා බව පවසා මෙම ලොතරැයිය නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සිදු කරන ලද පැමිණිලි වලට අනුව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
Post a Comment