විරෝධතාකරුවන් කැලම් මැක්රේ හරවා එවයි - උතුරු ගමන අවලංගුයි

'චැනල් 4' මාධ්‍යවේදී කැලම් මැක්රේ උතුරු දුම්රියෙන් වවුනියාව බලා යමින් සිටියදී අනුරාධපුර දුම්රියපලේදී විරෝධතාරුවන් විසින් එහි ගමනට බාධාකරුමින් දුම්රිය පාරේ සිය විරෝධ දැක්වීය. භික්‍ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් ඊට එක්ව සිටියහ. 

මේ හේතුව මත කැලම් මැක්රේ සිය ගමන අවලංගු කර කොළඹ බලා ආපසු ඒමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විකල්ප මාර්ග ඔස්සේ උතුරට ගමන් කිරීම සඳහා පහසුකම් ලබාදීමට බලධාරීන් සූදානම් වුවද ඔහු ඊට කැමැත්තක් නොදැක්වීය. 

මේ අතර අද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොළඹල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුව විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා යළි පැමිණෙද්දී ආරක්ෂාව තර කර තිබියදී චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදීන් ඔහුට සමීප වූයේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.






IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment