CHOGM රාජ්‍ය නායකයන්ගේ අඩුවක් නැහැ – මහලේකම් ආචාර්ය කමලේෂ් ෂර්මා මහතා

ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පිළිබඳව වාද විවාද පැවතියද එම සමුළුවට රාජ්‍ය නායකයන්ගේ සහභාගිවීමේ අඩුවක් නැතැයි පොදුරාජ්‍ය මණ්ඩලීයේ මහලේකම් ආචාර්ය කමලේෂ් ෂර්මා මහතා සඳහන් කරයි. 

බී.බී.සී ප‍්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡවන් සඳහා එක්වෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම කරුණු දක්වා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ෂර්මා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය නායක සමුළුවට අමතරව සිදුවන තවත් වැඩසටහන් රැසක් කොළඹදී ක‍්‍රියාත්මක වන බවයි. 

මානව හිමිකම් පිරිහීම සහ යුද අපරාධ පිළිබඳව ශ‍්‍රි ලංකාවට එරෙහි චෝදනා විභාග කිරීමට ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට පැහැදිලි මතයක් නොමැති බව ද ඔහු එහීදී වැඩිදුරටත් සඳහන් කර ඇත. 

එවැනි ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවන බවත්, එලෙස ප‍්‍රායෝගික නොවන දෙයක් සම්බන්ධයෙන් තමන් ස්ථාවරයක නොසිටින බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා ප‍්‍රකාශ කර තිබේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment