සාමදාන විනිශ්චයකාර පුහුණුවට අයැදුම්පත් කැදවයි

සාමදාන විනිශ්චයකාර වරුන් එකී පදවියේ පුහුණු කිරීම සදහා පැවැත්වෙන සාමවිනිසුරු පුහුණු වැඩමුළු දෙකක් මේ මස 29 සහ 30 දිනවල මධ්‍යම පළාතේ පූජාපිටිය සහ කොත්මලේ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැවැත්වේ. 

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහය දීප ව්‍යාප්ත ව නොමිලේ පවත්වන සාමවිනිසුරු පුහුණු වැඩසටහන් මාලාවේ 80 හා 81 වැනි පුහුණු වැඩමුළු දෙක වන්නේ මෙකී පූජාපිටිය හා කොත්මලේ පුහුණු වැඩමුළුය.

මෙම වැඩමුළුවලින් තමන් කැමති පුහුණු වැඩමුළුවකට සහභාගී වී සාමවිනිසුරු විෂය පිළිබද ව ප්‍රවීණතාව ලබා ගැනීමට සාමවිනිසුරුවරුනට හැකි වෙයි.


මේ සදහා සහභාගී වීමට කැමති සාමවිනිසුරුවරු වෙතොත්, තමන් සහභාගී වීමට කැමති පුහුණු වැඩමුළුව කවරේද යන්න සදහන් කොට සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ කතුවරයා අමතා ලියූ ලිපියක්, සිය නම සහ ලිපිනය ලියූ 9x4 ප්‍රමාණයේ මුද්දර කවරයක් ද සමග 2013.11.10 දිනට පෙර එවිය යුතුය. 2013.11.15 දින අදාළ ආරාධනා පත්‍ර තැපැල් කිරීම සිදු කෙරේ.

ලිපිනය; කර්තෘ, සාමවිනිසුරු මාසික සාර සංග්‍රහය, 117, කදුරුපේ, බූස්ස.

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ 2013 නොවැම්බර් කලාපයේ මුල් පිටුව පහතින් පළකර ඇත. විශාල කර බැලීමට පින්තුරය මත ක්ලික් කරන්න.



IFTTT

via Personal Recipe 6135997

Post a Comment