හොඳ ඒවා ලැබුනොත් දෙක තුනක් වුණත් කරනවා - ගයති‍්‍ර ඩයස්

චන්න පෙරේරා සහ ගයාත්‍රි ඩයස් ගේ විවාහය දෙදරලලු.දික්කසාද උනත් මේ දෙන්නා එකම ගෙදරක වෙන වෙනමලු ජීවත් වෙන්නේ.මේ තමයි අපිට ලැබුන අලුත්ම ආරංචිය.එක එක්කෙනා කියන කතා අහන්නේ නැතුව මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න අපි කෙලින්ම චන්නටයි ගයාත්‍රිටයි කතා කලා.මේ තියෙන්නේ අපි ගයාත්‍රි එක්ක කරපු කතා බහ...

ප්‍රශ්නය -:
ගයාත්‍රි ඩයස් කියන්නේ ජනප්‍රිය නිළියක් විතරක් නෙමේ රූපලාවන්‍ය ශිල්පිනියක්නේ.ඔයාගේ මේ ජනප්‍රියත්වය නිසා ගොඩක් අය saloon එකට එනවා ඇති.ඒ හැමෝටම ඔබේ අතින්මද රූපලාවන්‍ය කටයුතු කරන්නේ?

ගයාත්‍රි -:
මනමාලියන් ඇන්දවීම නම් අනිවාර්යයෙන් කරන්නේ මං.ඒක මම වෙන කාටවත් දෙන්නේ නැහැ.මට හොඳ starf එකක් ඉන්නවා අවුරුදු 9ක් විතර පරණ.මාත් එක්කම හිටිය.ඒගොල්ලෝ තමයි saloon එක ඇතුලේ අනිත් දේවල් කරන්නේ.නමුත් hair cuts වලට එහෙම මට පුරුදු වෙච්ච අය ඉන්නවා.ඒවා අදටත් මංමයි කරන්නේ.මට වෙලාවක් ලැබුනම මං saloon එකේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම මං ඒ වැඩකටයුතු වලට සහභාගී වෙනවා.

ප්‍රශ්නය -:
මීට කලින්නම් ඔබ කිව්වේ අවුරුද්දටම එක නිර්මාණයකට විතරයි රඟපෑමෙන් එකතුවෙන්නේ කියලා.තාමත් ඒ තිරනයෙමද ඉන්නේ?


ගයාත්‍රි -:
මං දැන් මේ දවස්වල ටිකක් පුරුදු වෙලා ඉන්නවා ටිකක් හොඳ අධ්‍යක්‍ෂවරු යටතේ රඟපාන්න.ඒ නිසා එච්චරම සිමා කරන්න හිතුවේ නැ.හොඳ අධ්‍යක්ෂවරයෙක් ගේ නිර්මාණයක් ලැබුනොත් අවුරුද්දට දෙක තුනක් හරි කරනවා.

ප්‍රශ්නය -:
ඒ අතරින් වැඩිපුරම කැමති ටෙලිනාට්‍ය වල රඟපාන්නද ,චිත්‍රපටිවල රඟපාන්නද?

ගයාත්‍රි -:
මට ඒකෙනම් ලොකු විශේෂයක් නැහැ.හොඳ නිර්මාණයකට සහභාගී වෙන්න ආසාවෙන් ඉන්නවා.ඉතින් මට දෙකම එකයි.

ප්‍රශ්නය -:
පුද්ගලික ජිවිතයට ඇඟිලිගහනවා කියලා හිතන්න එපා.රසිකයෝ වෙනුවෙනුයි අපි මේ ප්‍රශ්නය අහන්නේ.ඔබ චන්නගෙන් දික්කසාද වෙලා කියලා මේ දවස් වල කතාවක් පැතිරෙනවා.ඇත්තද ඒක?

ගයාත්‍රී -:
මේ දවස් වල කොහොමත් මුලින් වෙන ප්‍රශ්න ටිකක් අහලා අන්තිමට ඕක අහනවා.ඕක තමයි මේ දවස්වල යන අලුත්ම system එක.නමුත් මෙහෙමයි,ඔය කතා පතුරවන අයම තමයි ඕවට උත්තර දන්නෙත්.මං ඕකට උත්තර දෙන්න වැඩි කැමැත්තක් නැ.අනිත් එක තමයි කෙනෙක්ගේ පුද්ගලික දේවල් මං හිතන්නේ නැ රටේ ලෝකේ අනිත් අයට වැදගත් කියලා.අපේ ගෙදර ඇතුලෙවත් මේ ගැන ලොකුවට සාකච්චා කලේ නැ.අනික මාධ්‍ය වලින්වත් වෙන මොනවයින්වත් ලොකු ප්‍රචාරයක් ගන්න මං කැමති නැ.අනිත් එක තමයි ඕනෑම පවුලක තියෙන ප්‍රශ්නත් එක්ක පොඩි දෙයක් හොයාගෙන යම්කෙනෙක් මේවගේ කතා පතුරවනවානම් මං හිතන්නේ එක එයාලගේ ආසාව තකා කරන දෙයක්.එනිසා මං අනුකම්පා කරනවා.අපේ නම් විකුනන්නේ ජීවත් වෙන්නනේ.මං සතුටුයි ඒකට.ඇත්තටම මං මේ ගැන ලොකුවට කතා කරන්න කැමති නැ.ඒක ඔයාට වැඩකුත් නැ මට වැඩකුත් නැ.මං හිතන්නේ නැ වෙන කාටවත් වැඩක් වෙයි කියලත්.

ප්‍රශ්නය -:
එතකොට ඕගොල්ලන්ගේ ජනප්‍රියත්වයට,දියුණුවට ඉරිසියා කරන අයද මේවගේ කතා පතුරුවන්නේ?

ගයාත්‍රි -:
ඉරිසියාව තරහව කියන දේ මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන දෙයක්නේ.මගේ හිතේ කවදාවත් ඔය දේවල් ඇති නොවන නිසා මට විශ්වාසයක් නැ තවත් කෙනෙක්ගේ හිතේ ඒවගේ දෙයක් ඇතිවෙනවද කියලා.මං ගැන තරහක් ඉරිසියාවක් තියෙනවනම් යම්කිසි විදිහකින් ඒ දේ පිටකරලා තවකෙනෙක්ට සැනසීමක් ලැබෙනවානම්,අන්න ඒකට කිසි විරුද්ධත්වයක් නැ.කිසිම වෙලාවක මට තරහාකාරයෙක් ඉරිසියකාරයෙක් ඉන්නවා කියල මට දැනෙන්නෙත් නැ.හැංගිලාත් නැ.

ප්‍රශ්නය -:
ජනප්‍රියත්වය දැන් එපා වෙලාද?

ගයාත්‍රි -:
අනේ නැ.කොයි වෙලේකවත් නැ.මේ ජනප්‍රියත්වය අපිට නිකම්ම ලැබුනේ නැනේ.අපි මේ දේවල් හොයාගෙන ආවා.ඒක අපිට ලැබෙන්න ඕන දෙයක් හැටියට තිබිච්ච නිසා අපිට ඒ දේවල් ලැබුනා.ජනප්‍රියයි ප්‍රසිද්ධියයි කියන්නේ දෙකක්නේ.ටික දෙනෙක් අතර ජනප්‍රිය වෙලා ගොඩ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පුළුවන්.නරක විදිහට.අපි ජනප්‍රියයි කියන අයගේ හිතේ අපි ගැන තරහක් නැතුව ඇති.අපිව නිකන් ඔහේ දකින අයට අපි ගැන මොනවහරි හිතෙන අයට අපි ගැන තරහක් ඇති.නම කියලා අපිව අඳුනගන්න පුළුවන් තත්වයක් ගෙනත් දීපු ජනප්‍රියත්වයට කවදාවත් මං අකමැති නැ.මේ ජනප්‍රියත්වයත් එක්ක තමයි කවදාහරි අපිට මැරෙන්න වෙන්නෙත් දැන්.

ප්‍රශ්න -:
ගයාත්‍රිට saloon එකක් තියෙනවනේ.චන්නත් තමන්ගේ රූපලාවන්‍ය කටයුතු කරගන්නේ එතැනින්ද?

ගයාත්‍රි -:
ඔව්.එයාගේ සියලුම රූපලාවන්‍ය කටයුතු ටික කොන්ඩේ කපන එකේ ඉඳලා facial කරන ඒවා පවා saloon එකෙන් එයා කරගන්නේ.වෙනතැනකට එනවනම් ඉතින් saloon වල ඉන්න අනිත් අය දන්නවා ඇතිනේ.අනිවාර්යයෙන්ම එයාගේ වැඩ කටයුතු වලට හැම වෙලාවේම මං ඉඩ දීලා තියෙනවා.එකේ කිසි ප්‍රශ්නයක් නැ.එයා හැමදේම කරගන්නේ saloon එකෙන් තමයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment