
කල්මුණේ මහ නගර සභාවේ ආචාර්ය ශිරාස් මීරා සාහිබ් මහතාට එම ධූරය ලබාදුන්නේ වසර දෙකක් සදහා පමණක් බවත් දැන් එකී කාලය අවසන් වී ඇති හෙයින් ඔහු එම නගරාධිපති ධූරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා පවසයි.
මහනුවර ඊයේ (01) පැවති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,පක්ෂයට ලබාදි ඇති පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරිමට ඔවුන් සුදානම් විය යුතු බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කල්මුණේ මහ නගර සභාවේ කිසිදු සභිකයෙකු ශිරාස් මීරා සාහිබ් මහතාට පක්ෂව නගරාධිපති වශයෙන් පිළිගන්නේ නම්, ඒ අයට විරුද්ධව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා. මුස්ලිම් කොංග්‍රසය ප්‍රාන්තවාදය ,ගම් වාදය පිළිබද කතා කරන පක්ෂයක් නොවන බවත්,පක්ෂයේ ස්ථාවරය,එකමුතුකම සුරැකිමට තම පක්ෂය උපරිම ක්‍රියාමාර්ගයන් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර සිටියා.
Post a Comment