
මෙවර කොරියානු විභාගයෙන් 2526 දෙනෙක් සමත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සදහන් කරයි.
ඒ 2526 දෙනා ඒ අනුව කොරියාවේ රැකියා සදහා සුදුසුකම් ලබා තිබේ.ඒ අනුව විභාගයෙන් සමත් වු පිරිස අතරින් කර්මාන්ත අංශයේ රැකියා සඳහා 538 දෙනෙකු ද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 1028 දෙනෙක් ද ධීවර අංශයේ රැකියා සඳහා 960 දෙනෙකු ද තෝරාගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසයි.මෙහි සුවිශේෂත්වය වන්නේ විභාගය සමත්වුවන් සදහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම සිදු වන්නේ ප්‍රථම වතාවටයි.පසුගිය මාස 19 සහ 20 දිනවලදී කොළඹ විභාග මධ්‍යස්‌ථාන පහක පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා දහඅටදහස් හාරසිය හැටහය දෙනකු ඉදිරිපත්වි තිබෙනවා.
Post a Comment