නිමල්කාව අත්අඩංගුවට ගන්න

නිමල්කාව අත්අඩංගුවට ගන්න


ගබ්සාව මෙරට නීතිගත කල යුතු යැයි ප්‍රකාශ කල නිමල්කා ප්‍රනාන්දු මහත්මිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බව, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.




අප මේ සම්බන්ධයෙන් කල විමසීමකදි උන්වහන්සේ කියා සිටියේ ,ගබ්සාව යනු ප්‍රාණගාතයට අනුබල දීමත් බවත් රටේ සංස්කෘතිය, සදාචාරය පිරිහෙන පරිදි යම් කෙනෙක් කටයුතු කරන්නේ නම් වහාම ඔහුට හෝ ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. නිමල්කා ප්‍රනාන්දු ගබ්සාව මේ රට තුළ නීතිගත කල යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිම මහ සංඝරත්නය පිළිකුල් සහගතව හෙළා දකින බවත්,ගණිකා වෘත්තිය මෙරට නීති ගත කල යුතු බවට ඇය ප්‍රකාශ කිරීම උන්වහන්සේගේ දැඩි දෝෂා රෝපණයට ලක් විය. ගම්වල සිටින දරුවන් නගරයට ඇවිත් ගණිකාවන් ලෙස කටයුතු කිරීම අපට අනුමත කල නොහැකි බවද අප කල විමසීමේදි උන්වහන්සේ පවසා සිටියා. මේ ප්‍රකාශ හේතුකොටගෙන ඇයව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි උනවහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.



Post a Comment