පෘථිවියට කඩා වැටෙන චන්ද්‍රිකාවක්

කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරැති යුරෝපීය චන්ද්‍රිකාවක් ඉදිරි පැය විසි හතර ඇතුළත පෘථිවියට කඩා වැටීමට නියමිත බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි. 

පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමේදී චන්ද්‍රිකාවේ බොහෝ කොටස් දැවී අළු වී යනු ඇති නමුත් කිලෝ ග්‍රෑම් දෙසීයක් පමණ බරැති කොටස් කිහිපයක් පොළොවට පතිත වනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. 

මෙම සුන් බුන් පෘථිවියේ කුමන ප්‍රදේශයකට පතිත වේ ද යන්න තවමත් සනාථ වී නැත. 

මෙම චන්ද්‍රිකාව වසර 2009 දී අභ්‍යවකාශ ගත කර ඇති අතර අපේක්ෂිත කාලයට වඩා දෙගුණයක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටියාය. චන්ද්‍රිකාව සතු ඉන්ධන සියල්ල මේ වන විට දැවී හමාර වී ඇති බවයි වාර්තා වන්නේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment