ශෝභා ඝාතනය ගැන ස්වාධින පරික්ෂණයක් ඉල්ලයි

ශෝභා ඝාතනය ගැන ස්වාධින පරික්ෂණයක් ඉල්ලයි


onlinefirst.lk:චැනල්4 නාලිකාව පසුගියදා විකාශය කල වීඩියෝ පටයේ ඇතුලත් දර්ශන මගින් ලොව පුරාම දෙමළ ජනතාව කම්පනයට පත් වී සිටින බව ඊපීඩීපී සංවිධානය පවසයි.




ඊපීඩීපී සංවිධානයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට තිබෙන නිවේදනයක දක්වා ඇත්තේ එල්ටීටීඊ යේ රූපවාහිනී නිවේදිකාවක වූ ශෝභා හෙවත් ඉසයිප්‍රියා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලද බවට එල්ල වන චෝදනා පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවයි.


"The Minister said in his letter that he had called for an investigation into other allegations about the final phase of the war as well and was now making an appeal for the Government to independently probe the killing of Isipriya."


හමුදා භට පිරිසක් යැයි කියන කණ්ඩායමක් ශෝභා ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගෙන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ දියණිය දැයි විමසන අවස්ථාවේ, තමන් ප්‍රභාකරන්ගේ දියණිය නොවන බව ඇය දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන අන්දම චැනල්4 නාලිකාව විකාශය කල දර්ෂණවල දක්නට තිබේ.


ඇයට ලිංගික අතවර කොට මරා දමා ඇති බව චැනල්4 වාර්තාව පවසන නමුත්, ඒ සියලු චෝදනා අසත්‍ය බව හමුදාව අවධාරණය කර සිටියා.


මේ අතර එල්ටීටීඊ සංවිධානයේ රූපවාහිනී නිවේදිකාවක වූ ඉසයිප්‍රියා හෙවත් ශෝභා අත් අඩංගුවට ගෙන, ලිංගික වද හිංසා කොට මරා දැමූ බවට චැනල්4 නාලිකාව අලුතෙන්ම ඉදිරිපත් කොට තිබෙන වාර්තාව බොරුවක් බව ශ්‍රී ලංකා හමුදාව පවසයි.


"අපි ජීවග්‍රහණයෙන් අත් අඩංගුවට ගත් 12,000 කට ආසන්න පිරිසක් පුනරුත්තාපනය කොට මේ වන විට සමාජගත කොට තිබෙනවා. කිසිම අවස්තාවක ඉසිප්‍රියා ඒ අතර නොසිටි බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අවධාරණය කළා.



Post a Comment