දින එකහමාරක් ඇතුළත ‘ෆේස් බුක්’ එකෙන් මව සොයා ගත් බෙට්සි

තමා බිහි කළ සැබෑ මව 'ෆේස් බුක්' ආධාරයෙන් දවස් එක හමාරක් ඇතුළත සොයා ගත් ඉන්දියානු කාන්තාවක් පිළිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස් නැමැති ඇය සියලු දෙනා හඳුනන්නේ බෙට්සි යන නමෙනි. කුඩා කාලයේ සිට ඇය හදා වඩා ගෙන ඇත්තේ විශ‍්‍රාමික ගුරුවරියක හා ඇයගේ ස්වාමිපුරුෂයා විසිනි.

ඔවුන් ඇය අරන් හදා ගත් බව බෙට්සි  දැනගෙන සිටියාය. තම සැබෑ මව සොයා ගැනීමට ඇයට අවශ්‍ය විය. මේ සඳහා ඇය හදා වඩා ගත් පියා ජිම් බෝයිස් ඇය ධෛර්යමත් කර උදව් කළේය.

'ෆේස් බුක්' යම් කිසි හෝඩුවාවක් ලබා ගත හැකි බව අනුමාන කළ බෙට්සි, 'බෙට්සිගේ ජෛව සංචාරය' පිටුවක් ආරම්භ කර 'මම 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස්ය.


මම 1984 මැයි 29 වන දින ඇමෙරිකාවේ ඉන්දියානාහි ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහලේ උපත ලැබීය. මා බිහි කළ මගේ මව මම සොයමින් සිටියි. එයට උදව් කරන්න' ඇයගේ කුඩා කළ ඡායාරූපද එම පිටුවට එක් කළාය.

දින එකහමාරක් ඇතුළත ඇගේ සැබෑ සහෝදරයාගෙන්, නැන්දාගෙන් සහ ඥාති සහෝදරයකුගෙන් පණිවිඩ ලැබුණි. ඒ අනුව දුරකථනයෙන් කතා කොට දිනයක් යොදා ඇය තම සහෝදරයා සහ අනෙකුත් ඥාතීන් මුණ ගැසුණාය. 


ඔවුන් පෙන්වූ බෙට්සිගේ කුඩා කළ ඡායාරූප මගින් ඇය ඔවුන් තමන්ගේ සැබෑ පවුල බව හඳුනාගත්හ. ඇයගේ සිනහව තම මව සේම බව ඇගේ සහෝදරයා සඳහන් කරයි.

ඔවුන්ගේ මව අසනීප තත්වයෙන් පෙළෙන බැවින් මව තවම මුණ ගැසී නොමැති අතර නොබෝ දිනකින්ම මව බැලීමට යන බවත් 'ෆේස් බුක්' ආධාරයෙන් තම සැබෑ පියාද තමන් සොයා ගන්නා බව ඇය පැවසීය.

'බෙට්සිගේ ජෛව සංචාරය' පිටුව සඳහා මේ වන විට 6000 ක් පමණ කැමැත්ත පළ කර ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment