භික්ෂුන් වහන්සේලා සඳහා සංඝාධිකරණයක් අවශ්‍ය බවත්, අන්‍යාගමීකරණය නැවැත්වීමට පියවර ගන්නා ලෙසටත් බොදුබල සේනා සංවිධානය ඉල්ලීමක් කර තිබේ.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අතර අද (31) පැවති සාකච්ඡාවකදී එම සංවිධානය මෙලෙස ඉල්ලා තිබේ.
දිනෙන් දින සංස්කෘතිය විනාශ වෙමින් පවතින අතර එයට පිළියම් සෙවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශ්‍ය විසින් කිසිදු පියවරක් නොගෙනීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය චෝදනා කර තිබේ. එමෙන්ම බුද්ධ ශාසනය රැක ගැනීමට ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුනොවීම සම්බන්ධයෙන්ද බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු කළයුතු බවද මෙහිදී බොදුබල සේනා සංවිධානය ඉල්ලීමක් කර ඇත.
එම යෝජනා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී දිසානායක මහතා පවසා තිබේ. තවද අන්‍යාගමීකරණය ඇතුළු ගැටලූ විසදීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට කඩිනම් පියවර ගන්නා බව ඒ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.
Post a Comment