
කොල්ලූපිටිය, ස්ටාඩස්ට් රාත‍්‍රි සමාජ ශාලාව තුලදි ඊයේ (02) රාත‍්‍රියේදී සූදු ක‍්‍රිඩාව සදහා ව්‍යාජ රුපියල් 2000 නෝට්ටු 03 ක් සමග පුද්ගලයෙකු හසු වී තිබේ.
එහි ආරක්‍ෂක අංශය විසින් සැකකරුව කොල්ලූපිටිය පොලිස් ස්ථානයට භාරදි තිබේ. සැකකරු වයස අවුරුදු 40 ක් වන අහංගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (03) දින අලූත්කඬේ අංක 04 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (04) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
Post a Comment