ස්මාට් ශ‍්‍රී ලංකාවක්

අපි ස්මාර්ට් ගවන්මන්ට් තුළින් 'ස්මාර්ට් ශ‍්‍රී ලංකාවකට' ගමන් කරමින් සිටින්නේ යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. 2013 විශ්ව සමුළු සම්මාන උලෙළ අමතමින් ඒම හතා කියා සිටියේ 'ස්මාර්ට් ශ‍්‍රී ලංකා' අපේ දැක්ම වන බවත්, අවම මාර්ගයකින් උපරිම සාර්ථකත්වයක් ලැබිය හැකි 'ස්මාර්ට් ගවන්මන්ට්'තුළින් එම දැක්ම දෙසට අප ගමන් කරමින් සිටින බවත්ය. 

'2013 විශ්ව සමුළු සම්මාන උලෙළ 'ස්මාර්ට් ශ‍්‍රී ලංකා' (Smart Sri Lanka) හෙවත් 'නිපුණ ශ‍්‍රී ලංකාවක්' යන අපේ දැක්ම වෙනවා. එම දැක්ම දෙසට ගමන් කරන්නේ අවම මාර්ගයකින් උපරිම සාර්ථකත්වයක් ලැබිය හැකි 'ස්මාර්ට් ගවන්මන්ට්' (Smart Government) හෙවත් නිපුණ රාජ්‍යයක් තුළිනුයි. 

රාජ්‍ය අංශ ප‍්‍රතිනිර්මාණය තුළින් අප ඉදිරියට යන්නේ ජනතාවට සියලූම සේවාවන් එක් කවුළුවකින් සැපයිය හැකි පූර්ණ රාජ්‍ය සංකල්පය දෙසටයි. 

එවිට අප බහු කාර්ය සේවා කේන්ද්‍රයක් ලෙස ඉහළ තලයේ සමාජ නිපැයුම් ඒකකයක් වන Smart ගම්මානයක් බවට පත්වීම සිදු වෙනවා'යැයිද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.


Post a Comment