ආක්ෂා සුධාරි, මේනකා මධුවන්ති ගුටි කෙලිය

නිරූපිකාවකට පහර දුන් බව කියන ජනප‍්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනකු හා ඉන් එක් අයකුගේ මවක මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ. 

මෙලෙස ඇප මුදා හැර ඇත්තේ රංගන ශිල්පිනියක හා නිරූපිකාවන් වන මේනකා මධුවන්ති, ආක්ෂා සුදාරි හා ඇයගේ මව වන මොහොමඞ් රොෂානා නමැත්තියයි. පහරකෑමට ලක්වූයේ නිරූපිකාවක වන හංසි සිතාරායි. ඊට අදාළ සිද්ධිය මෙසේයි. 


ගංගොඩවිල පිහිටි තම රූපලාවන්‍යාගාරයට පැමිණීමට එහි හිමිකාරිනි නිලූකා කොඩිකාර හංසි සිතාරාට වේලාව ලබාදී තිබුණේ පසුගිය 10 වැනි දා පස්වරු 3ටයි. එදිනම පස්වරු 4ට වේලාව වෙන්කරදී තිබූ පරිදි ආක්ෂා සුදාරි හා මේනකා මධුවන්ති යන දෙදෙනා ද එහි පැමිණ තිබේ. 

එහිදී ආක්ෂා සහ හංසි අතර බහින්බස්වීමක් හටගෙන ඇත. 'උඹ මොකද මගේ බෝයිෆ්‍රෙන්ඞ්ට කතා කරන්නේ. ඇයි එයාට මං ගැන කේලම් කියන්නේ' යැයි අසමින් ආක්ෂා තමන්ට පහර දෙන්නට පටන්ගත් බව හංසි සිතාරා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ දක්වා ඇත. 


එහිදී මේනකා හා ආක්ෂාගේ මව වන මොහොමඞ් රොෂානා ද හංසිට පහර දී සිට වටිනා ජංගම දුරකතනය පොළොවේ ගසා එ්වා ද රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි. සිද්ධිය අතරතුර තමන්ව සපා කෑ බවත් උස් අඩි පාවහන්වලින් තමාට පහර දුන් බවත් මෙම පහරදීමෙන් තමන්ගේ ඇඳුම් ඉරී ගිය බවත් හංසි සිතාරා පොලීසියට පවසා තිබේ. 

සිද්ධියට මුහුණ දුන් හංසි සිතාරා මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට එදිනම පස්වරුවේ පැමිණිලි කර තිබේ. පසුව එම ඒකකය මගින් මේනකා, ආක්ෂා සහ ඇගේ මව ඉකුත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ පසුව අධිකරණ නියෝගය මත වැනි දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. 

කෙසේවෙතත් ආක්ෂා, මේනකා සහ සිද්ධිය වූ බව කියන රූපලාවන්‍යාගාරය හිමි නිලූකා ද මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත පසුගිය දා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි කිසිදු සිදුවීමක් නොවූ බවයි.

Post a Comment