දිඹුලපතන, තලවකැලේ හැටන් ප්රධාන මාර්ගයේ ධාවනය කළ ලංගම බස් රථයක අද (29) අද පස්වරු 1 ට පමණ ඉදිරි දොරටුවෙන් කාන්තාවක් බිමට වැටී බරපතල තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ එම කාන්තාව කොටගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මිය ගිය කාන්තාව වයස අවුරුදු 57 ක්වූ කොටගල ප්රදේශයේ පදිංචි ආරුමුගම් ධනලෙච්චමී වේ. මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (30) සිදු කිරීමට නියමිතයි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (30) දින හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.
Post a Comment