ඉදිරියේදි පැවැත්විමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට ඉන්දියාව සහභාගී නොවිය යුතු බවට ඉන්දීය අධිකරණයකට ඉදිරිපත් කෙරුණු පෙත්සමක් අද (29) ඉවතදැමූ බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මැඩ්රාස් මහාධිකරණය පෙන්වාදි තිබෙන්නේ සංවේදනාවන් හා මනෝභාවයන් නීතිමය විධිවිධානවලට හේතු කාරණා නොවන බවත්, ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියට ඇඟිලිගැසීමට අධිකරණයට බලයක් නොමැති බවත්ය.ඒ අනුව මෙම පෙත්සම ඉවත දැමිමට මැඩ්රාස් මහාධිකරණය අද තිරණය කර තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සරස්වතී ගෝවින්දරාජ් නමැති අයයි.ඔහු අධිකරණයට පවසා ඇත්තේ අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ද්‍රවිඩ ජනයා විවිධාකාරයෙන් වධහිංසාවට ලක්වන බවයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට ඉන්දියාව සහභාගීවීම තුළින් ඉන්දියාවේ කීර්ති නාමයට හානිවන බව හා වැරදි හැඟවුමක් ලෝකයට ලබාදෙන බව පෙත්සම්කරු විසින් පවසා තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
Post a Comment