ආහාර රසකාරක 19කට තහංචි - Health Ministry to ban 19 types of food flavours

රසකාරක වර්ග 19ක් ආහාර සඳහා එක් කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.ආහාර උපදේශක කමිටුවෙන් කරන ලද කරුණු විමසීමකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ වසරේ ජූලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීම සඳහා ආහාරපානවලට අන්තර්ගත කෙරෙන රසකාරක ද්‍රව්‍ය හා රස ප්‍රවර්ධක සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් කර ඇත.

එසේ තහනම් කර ඇති රසකාරක ද්‍රව්‍ය වන්නේ ඇලොයින්, බර්බරින් , බීටා - ඇසරෝන් සහ සීනමයිල් ඇන්ත්‍රක්සිලේට් , කේඩ් ඔයිල් , කැලමස් ඔයිල් , කොකේන් , කුමරින් , ඩයඑතලින් ග්ලයිකොල් , ඩයිඑතලින් ග්ලයිකොල් මොනොඊතයිල් ඊතර් , එස්ට්‍රගෝල් , ඉයුජිනයිල් මීතයිල් ඊතර් , හයිපරිසීන් , නයිට්‍රොබෙන්සීන් , පයිරොලිජීනස් ඇසිඩ් , සැෆ්රෝල් සහ අයිසොසැෆ්රෝල් , සැන්ටොනින්, සසාප්‍රස් ඔයිල් , තුජෝන් අයිසෝතුජෝන් (ඇල්ෆා ඒ-බීටා බී තුජෝන්)

, ටොන්කා බීන් (ඩිප්ට්‍රයිල් ඇඩොරට්, යම් රසකාරක ද්‍රව්‍යයක් හෝ රස ප්‍රවර්ධනයක් මෙරටට ආනයනය කෙරෙන්නේ නම් එහි සම්භවය ඇති රටේ හෝ නිෂ්පාදිත රටෙහි අදාළ අධිකාරිය මඟින් ආහාර සඳහා භාවිත කිරීම පිණිස ආරක්ෂිත හා යෝග්‍ය බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතු වන අතර එසේ අනුමතය නොමැති නම් කිසිම රසකාරක ද්‍රව්‍යයක් හෝ රස ප්‍රවර්ධකයක් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, බෙදාහැරීම, භාවිත කිරීම හෝ ප්‍රචාරය කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.


ආහාර ද්‍රව්‍ය සමඟ යෙදීමට ඇතැම් රසකාරක ද්‍රව්‍ය සඳහා අවසරදී ඇති අතර ඒ වර්ග පිළිබඳව අමාත්‍යංශය තොරතුරු දැනුම් දී තිබේ. ඒ අනුව කිරි හා කිරි නිෂ්පාදන, අයිස්ක්‍රීම් හා අධිශීතකරණ ලද අතුරුපස, මේද සහ තෙල්, මාගරින් සහ මේද තැවරුම්, නැවුම් මතුපිට සකස්කළ පොතුහරින ලද හෝ කපන ලද පලතුරු සහ එළවළු, හතු සහ නිෂ්පාදන, පලතුරු වයින්, පලතුරු කුඩු, එළවළු කුඩු, ක්ෂණික පලතුරු සහ එළවළු චට්නි මිශ්‍රණය, ආහාර ධාන්‍ය, මාෂතෙල් සහිත ඇට සහ අඹරන ලද පිටි කළ ධාන්‍ය, සහල් ඇතුළු ධාන්‍ය වර්ග, කෑමට සුදුසු ධාන්‍ය පිටි සහ පිෂ්ටය, සව්, පැස්ටා සහ නූඩ්ල්ස්, මෝල්ට් අඩංගු ආහාර සහ කිරි අඩංගු ආහාර, බේකරි නිෂ්පාදන,
සම්පූර්ණ කොටස් හෝ කැබැලි ලද හෝ කුඩා කොටස් කරන ලද අලුත් මස්, කුකුළු මස් හා දඩ මස්, අලුත් මාළු සහ මොල්ස්කාවන්, ක්‍රිස්ටේසියාවන් සහ සෛල චර්මින් සුදු සීනි, දුඹුරු සීනි, සුක්රෝස්, ෆැක්ටෝස්, ග්ලුකෝස්, සයිලෝස්, සීනි ද්‍රාවණ සහ සිරප් මෙන්ම පරිවර්තන සීනි හකුරු, පැණි, සීනි ඇතිරුම්, වෙනත් සීනි වර්ග සහ සිරප් වර්ග, මි පැණි, සීනි රසකැවිලි, අයිස් - කැන්ඩි, විශේෂිත වෑන්ජන මිශ්‍රණ, ෂැෂේ පැකැට්ටුවල අඩංගු රසකාරක හැර සූපවේදය සඳහා යොදාගනු ලබන ශාක කුළුබඩු, තුනපහ කුඩු සහ වෑන්ජන කුඩු, කළු තේ, හරිත තේ, කෝපි, ශාකසාර සහ ධාන්‍යමය බීම වර්ග, බේකින් පවුඩර්, කොකෝවා බටර් සහ කොකෝවා නිෂ්පාදන යන ආහාර ද්‍රව්‍යවලට රසකාරක ප්‍රවර්ධක යෙදීම තහනම් කර තිබේ.

රස ප්‍රවර්ධක වශයෙන් භාවිත කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ මෙනොසෝඩියම් ග්ලුටමේට්, ඩයිසෝඩියම් 5 ග්වානිලේට්, ඩයිසෝඩියම් 5, ඉනොසිනේට්වලට පමණකි.

භාවිතය තහනම් කරන ලද රසකාරක වර්ග ආහාරපාන සඳහා යෙදීම කිසියම් හෝ පුද්ගලයකු සිදුකරන්නේ නම් එම පුද්ගලයා සම්බන්ධයෙන් හෝ නිෂ්පාදන ආයතන සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීමට 1980 අංක 26 දරන ආහාර පනත යටතේ ප්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල හිමිවේ.

The Health Ministry has decided to ban 19 varieties of food flavours with effect from July 1 this year following instructions of the Food Advisory Committee, the Ministry said.

Accordingly the importation, manufacture, storage, distribution or selling of food flavours without a valid certificate of the concerned authorities from their countries of origin, would be banned.

Among the flavours to be banned are Aloin, Berberine, Beta-Azarone and Cinnamyl Anthracillate, Cade Oil, Calamus Oil, Cocaine, Coumarin, Diethylene Glycol, Diethylene Glycol Mono Ethyl Ether, Estragol, Eugenyl Methyl Ether, Hypericine, Nitrobenzene, Pyroligenous Acid, Saffrole and Isosaffrole, Sontonin, Sasafras Oil, Thujone, Isothujone (a and b Thujone) and Tonka Bean (Dipteryl Adorad).

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment