බසයෙන් බැස්ස කාන්තාව බසයට යටවී මිය යයි

බසයෙන් බැස්ස කාන්තාව බසයට යටවී මිය යයි


නාරම්වල සිට කුලියාපිටිය දෙසට ධාවනය කළ පුද්ගලික බස් රථයෙන් බැස ගත් කාන්තාවක් අද (29) පෙරවරු 6 ට පමණ බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට යාමේදී බස් රථයේ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.




එම අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ. මිය ගිය කාන්තාව වයස අවුරුදු 58 ක් වූ කෝදුරුවාපොල, නක්කාවත්ත ලිපිනයේ පදිංචි බුලත්සිංහල ආරච්චිලාගේ පොඩි මැණිකා වේ. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අද දින කුලියාපිටිය රෝහලේදී පවත්වා මෘත ශරීරය ඥාතීන්ට බාරදී තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද දින කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. සැකකරුව ලබන 01 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment