මහනුවර රෝහලේ වෛද්‍යවරයෙකුට මැර ප්‍රහාරයක්

මහනුවර රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

සිය නිවසේ සිට මහනුවර රෝහල වෙත මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී මහනුවර අරුප්පොළ මාර්ගයේ දී මෙම පහරදීම සිදුවු බව අදාළ වෛද්‍යවරයා පොලීසිය වෙත පැමිණිලි කර ඇත.


ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු තමාට බැණ තර්ජනය කර පහරදුන් බව අදාළ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


පහරකෑමට ලක්වු වෛද්‍යවරයා මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.



Post a Comment