කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සංවේදී දසුනක්‌

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය නැරැඹීමට උපතින්ම දෑස්‌ අන්ධ මවක්‌ හා දෑස්‌ අන්ධ තරුණ පුතෙක්‌ ඇතුළු පිරිසක්‌ ඊයේ (23 දා) එහි ගිය අපට මුණගැසුණා.

දෑස්‌ අන්ධ මේ දෙදෙනා පයට දමාගෙන සිටි පාවහන් ගලවා මේ මඟ දිගේ ඇවිද යමින්, අතපත ගාමින්, අධිවේගී මඟක හැටි සිතින් මවා ගත්තේ සතුටිනි.


දෑස්‌ අන්ධ තරුණයා පියෙකි. ඔහුගේ බිරිඳ ඔවුනගේ දරුවාද තුරුළු කරගෙන ගිනිගහන අව්වේ පිච්චෙමින් මේ සොයන්නේ රටක දියුණුවය. ඇත්තටම ඒ අය මේ අපූරු වික්‍රමය බලා සතුටු සිතින් ආපසු ගියේ සිහින සිතුවිල්ලක්‌ සිතේ හිර කරගෙනය. 


                  

Post a Comment