සීතා මං නෑවා (මඤ්ඤං කොළම )



පිච්චර් පිස්‌සා හෝල් එකට ඇතුල් උනේ හිතේ ලොකු කණස්‌සල්ලකින්.. පුටුවෙ වාඩි වෙන කොටත් පිච්චර් පිස්‌සට හිතුනේ මේකට දාන්න වෙන නමක්‌ තිබුණෙම නැද්ද කියලයි. අපේ ජයසේකර අපොන්සු මහත්තයත් අග ඉඳන් මුලට දුවන ජාතියෙ මනුස්‌සයෙක්‌ කියලා පිච්චර් පිස්‌සා කවදාවත්ම හිතුවෙ නෑ... මොකද උන්නැහේ වේදිකාවෙදි හුඟක්‌ ඉදිරියෙන් තිබුණු නිර්මාණ බිහිකරපු කෙනෙක්‌.







ඒ අරගැනීමත් එක්‌ක මේක එක ටිකක්‌ අමාරු වැඩක්‌ උනත් පිච්චර් පිස්‌සා හිත හදාගෙන තිරේ දිහා බලාගෙන හිටියා. පිච්චර් එක පටන් ගන්නකොටම කොල්ලො කට්‌ටියක්‌ ''හූ'' කිව්වා. ඒ මොකද කියලා පිච්චර් පිස්‌සට එක පාරටම තේරුනත් ටිකක්‌ වෙලා යනකොට හිතුනා කොල්ලො ''හූ'' කියලා නිකං ඉඳපු එක හොඳයි කියලා. සීතා එළියෙ ගල් ගුහාවකට යන මංතර කාරයා රාවණා රඡ්ජුරුවො නිදන් ඉන්න බෙහෙත් ඔරුව හොයා ගන්නවා. ඒ ගල් ගුහාව අවුරුදු පන්දාහකට වඩා පරණ වෙන්න එපැයි. ඒත් ඒකෙ එක මකුළු දැලක්‌වත් බැඳලා නෑ... දූවිල්ල පොදක්‌වත් නැ... හරියට කොල්ලො ටිකක්‌ ඊයෙ පෙරේදා ටි්‍රප් එකක්‌ ඇවිත් අඩිපුඩි ගහපු තැනක්‌ වගේ... අනිත් එක අර බෙහෙත් ඔරුව ඇතුලෙ රාවණා රඡ්ජුරුවො ඉන්නෙ නිකං ඊයෙ මළා වගේ.... ඒකෙන් එළියට එන්නෙ හරියට සුවිමින් පූල් එකකින් නාලා ගොඩ එනවා වගේ...



අපොන්සු මහත්තයා නාන්න පටන් ගන්නෙ එතනින්.....ඒ නෑම පිච්චර් එක පුරාවටම බොහොම ජයට නාලා තියෙනවා. අනිත් එක රාවණා රඡ්ජුරුවො ඇඳන් ඉන්න ඇඳුම් හරියට සර්කස්‌ කාරයෙක්‌ ඇඳන් ඉන්න ඇඳුම් වගේ. රටවල් දහයක්‌ යටත් කරන් යුද්ධ කර කර හිටපු අහසින් ගමන් කරපු රණ ශූරයෙක්‌ විදිහට අපට ඉති හාසය කියා දෙනවා. පිච්චර් පිස්‌සා හැමදාම කියන්නෙ පමුණුවේ රෙදි මුදලාලිලා ටික නැත්තං ලංකාවෙ කට්‌ටියට ඉතිහාසය ගැන පිච්චර් හදන්න වෙන්නෙ නෑ... එහෙම නැත්තං පුරා විද්‍යා එකෙන් ඇවිත් ඔය පමුණුව පාරේ කැණීමක්‌ කරන්න ඕනේ මීට අවුරුදු දහස්‌ ගණනාවකට ඉස්‌සෙල්ලා රෙදි කඩ තිබුණද කියලා බලන්න.



අපොන්සු මහත්තයා පිච්චර් එක රූප ගත කරන්න පාවිච්චි කරලා තියෙන දර්ශන තල හරියට පොඩි එවුන් සෙල්ලං කරන තැන් වගේ. ඒවා ගැන කිසිම අවධානයක්‌ යොමු කරලා නෑ කියලා තමයි පිච්චර් පිස්‌සට හිතුනේ... අපොන්සු මහත්තයා පහුගිය කාලෙ ආදායම් වාර්තා තියපු ඉතිහාසය පිච්චර් ටික බලලා වැරදි තැනකින් අල්ලගෙන තමයි වැඩේ කරලා තියෙන්නෙ. ඒ පිච්චර් සල්ලි කඳු හෙව්වට මේවගේ ජාතියක්‌ ජම්මයක්‌ නැතුව උපදින ඉතිහාස පිච්චර් වලින් සල්ලි හොයන්න බෑ... ඒ පිච්චර් වල මොනතරම් අඩු පාඩු වැරදි තිබුණත් බලං ඉන්න මිනිස්‌සු ''හූ'' කියන්නෙ නැතිව ඒවා දිහා බලාගෙන හිටියා. මුළු ලෝකෙම මේ වෙලාවෙ රාවණා රඡ්ජුරුවො ගැන ඉහළින් කතා කරන කොට අපේ සිනමා කරුවෙක්‌ ඒ රඡ්ජුරුවන්ට මෙහෙම දෙයක්‌ කරපු එක මොනතරම් සදාචාර සම්පන්නද කියලා අපොන්සු මහත්තයම හිතලා බලන්න. ඒක මුල ඉඳන් අගට එක දර්සනෙන් දර්සනේ අරගෙන විග්‍රහ කරන්න ගියොත් '' පතරංග ජාතකේ'' වගේ එකක්‌ ලියන්න වෙන නිසා පිච්චර් පිස්‌සා ඒ වැඩේ අත හරිනවා. අනේ ඇයි අපොන්සු මහත්තයෝ අර අධ්‍යක්‍ෂකවරියගෙ ජීවිතෙට නෙට්‌බෝල් ඇන්ටි වගේ කෙනෙක්‌ ගත්තෙ? ඒ චරිතෙ එහෙම අරගෙන අපොන්සු මහත්තයා උඩබලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්‌ කරගෙන කියලා පිච්චර් පිස්‌සට හිතුණා. අඩුම තරමේ අපොන්සු මහත්තයා පිච්චර් එකක්‌ රූපගත කරන තැනක ඉදියෙවත් නැති එකක්‌ විදිහට තමයි පිච්චර් එක රූපගත කරලා තියෙන්නේ... පිච්චර් එක අග ඉඳන් මුලට බැලුවත් මේක මොන විදිහේ පිච්චර් එකක්‌ද කියලා පිච්චර් පිස්‌සට හිතා ගන්න බැරිඋනා. ඒ කියන්නෙ විකට චිත්තරපටියක්‌ද? ඉතිහාස එකක්‌ද ක්‍රියා දාම එකක්‌ද? ආදර කතාවක්‌ද හොල්මං කථාවක්‌ද කියලා. ඒ එක ගොඩකටවත් දාගන්න බැරි නිසා මේක ''හූ'' කියන පිච්චර් එකක්‌ කියලා පිච්චර් පිස්‌සා හිතා ගත්තා. ඔය සීතා දේවියගෙ ජීවිතෙට චංචලා නංගිව තෝරන කොට ලංකාවෙ ඔක්‌කොම ගෑණු ටික පිට රටකට ගිහිල්ලා හිටියා කියන කතාව ඇත්තක්‌ද අපොන්සු මහත්තයෝ... ඒ නංගි ගිනි ගොඩ මැද්දෙන් එන කොට පිච්චර් පිස්‌සා ඇස්‌ දෙක වහගත්තා. මොකද නංගිව ගිනි ගන්න එක බලන් ඉන්න බැරි නිසා. ඒත් ඉතිං පූරුවෙ පිනකට ද කොහෙද ගින්න නිවුනනෙ. අනිත් කාරණේ අපොන්සු මහත්තයෝඅ නළුවා ඉන්න ඕන තැන ඉන්න ඕන නළුවා¾ අධ්‍යක්‍ෂක නෙමෙයි. නළුවා ඉන්න ඕන තැන අධ්‍යක්‍ෂක ඉඳලා අධ්‍යක්‍ෂක ඉන්න ඕන තැන කවුරුත් ඉදිරියෙ නැති උනාම ඔහොම වෙනවා තමයි. පිච්චර් පිස්‌සා නිතරම කියනවා වගේ ''ර`ගපාන එක'' එකක්‌ ''ර`ගපාවන එක '' තව එකක්‌....¾



අනිත් එක අපි පිච්චර් එකක්‌ හදන්න ඕනේ බලන මිනිස්‌සුන්ගෙ ''හූ'' හ`ඩ අහන්න නෙමෙයි අපොන්සු මහත්තයෝ...



පිච්චර් පිස්‌සා

Post a Comment