උපේක්ෂා ස්වර්ණමාලිගේ පියා ඇප මත මුදා හැරේ.

දෙහිවල ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට මත්පැන් අලෙවිසැලක් පවත්වාගෙන යාමට බලපත‍්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් හත්ලක්ෂ 10,000ක මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උපේක්ෂා ස්වර්ණමාලි (පබා ) ගේ පියා ඊයේ (21) ඇප මත මුදා හැර ඇත. 

සැකකරු කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එසේ මුදා හැර තිබේ. 

පාර්ලිමේන්තු මන්තී‍්‍රනී උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස හඳුන්වා ගත් ජයතිස්ස තෙන්නකෝන් නමැත්තාත් මිට ඉහතදී ද රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් විශාල වශයෙන් මුදලක් වංචා කල ඇති බවට චෝදනා ලබා තිබිණ.
IFTTT
Put the internet to work for you.

Post a Comment