නීත්‍යානුකූලව හමුදාව හැර යන්න පොදුසමා කාලය අද සිට


නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින පිරිස් සඳහා යුධ හමුදාවෙන් නීත්‍යානූකූලව ඉවත්වීම සඳහා අද සිට ලබන 16 දක්වා පොදුසමා කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.


ඒ අනුව එම පිරිස්වලට අදාළ කාලය තුළ තම රෙජිමේන්තු මධ්‍යස්ථානයන් වෙත පැමිණ නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්ව යාමට අවස්ථාව ලබා දී ඇතැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.


යුධ හමුදාවට අයත් දීර්ඝ කාලිනව නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින යුධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් යුධ හමුදාවෙන් ඉවත් කිරීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ මෙම පොදුසමා කාලය ක්‍රියාත්මක වන බව සඳහන්ය.



Post a Comment