කැටපත් පවුරේ අලුතින් ලියූ තරුණිය දෙවසරකට රිමාන්ඩ්


ඓතිහාසික සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අක්ෂර කිහිපයක් ලිවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් තරුණියට වසර දෙකක සිරදඬුවමක් ලබාදී තිබේ.


මීට සති දෙකකට පමණ පෙර මඩකළපුව ප්‍රදේශයේ තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.


ඇය විසින් සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කට්ටකින් ඉංග්‍රීසි අක්ෂර කිහිපයක් ලිවීමේ චෝදනා මත පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට බාරදෙනු ලැබීය.


පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම තරුණිය ඊයේ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇය වරද පිළිගෙන තිබේ.


ඒ අනුව දඹුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් ඇයට වසර දෙකක සිරදඬුවමක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



Post a Comment