නව ජාතික ඖෂධ පනත අද පාර්ලිමේන්තුවට


නව ජාතික ඖෂධ පනත සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ විවාදයක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.


එම විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිත අතර අනතුරුව එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට සැලසුම් කර ඇත.


පසුගිය වසර කිහිපය තුළ අවස්ථා ගණනාවකදීම ජාතික ඖෂධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද එය මගහැරී ගිය අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ ද එයට ප්‍රධාන තැනක් හිමිවුණි.



Post a Comment