ජාතික ‍කොඩිය පහත දමා සිංහලේ කොඩිය එසවීම ගැන පරීක්ෂණයක්


ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුව පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු ජාතික කොඩිය පහත දමා සිංහලේ කොඩිය නමැති වෙනත් කොඩියක් බලහත්කාරයෙන් එසවු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.


ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


දළදා මාළිගාවේ ඊයේ පැවති උත්සවයක් සඳහා පැමිණි බත්තරමුල්ල ස්වර්ණහංස පදනම නමැති සංවිධානයක ගිහිපැවිදි දෙපිරිසක් විසින් මෙලෙස ජාතික කොඩිය පහත දමා වෙනත් කොඩියක් ඔසවා ඇති බව සඳහන්ය.


ඒ අනූව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.



Post a Comment