තහනම නොතැකු දෙන්නෙක් බඩුත් සමග මාට්ටු


ඇල්ලීමට තහනම් කර ඇති කුඩා පොකිරිස්ස්සන් 46 දෙනෙක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තංගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) සවස හම්බන්තොට සිරියාගම පුරනි තොටුපළේ කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් පනස්දාහ බැගින් ශරීර ඇපමත නිදහස් කර ඇති අතර නැවත මෙම මස 26 වන දින නඩුව කැඳවීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment