වෙලේ සුදාට චෝදනා 58ක් - මාර්තු 23තෙක් ප්‍රශ්න කරන්න අවසරයි



මහපරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර මාර්තු මස 23 තෙක් රඳවා‍ තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබාදී තිබේ.

වෙලේ සුදා, ඔහුගේ බිරිය හා ඔවුන්ගේ ඥාති සහෝදරියක අද පෙරවරුවේ කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදී.


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සහ මුදල් විශුද්ධිකරණ පනත කඩ කිරීම ඇතුළු චෝදනා 58ක් යටතේ ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් කෙරිණ.


එහිදී විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් අදාළ සැකකරුවන් මාර්තු 23 වැනිදා තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා‍ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන් අප වාර්තාකරු පැවසීය.


කෙසේ වුවද ආරක්ෂක හේතුන් මත සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව පසුගියදා පොලීසිය පවසා තිබුණි.



Post a Comment