මහින්ද අගමැති කරන්න ඉල්ලීමක් නෑ



ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙසට කිසිදු පාර්ශවයක් මෙතෙක් ඉල්ලීමක් කර නැතැයි එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ පෙරවරුවේ පැවැති රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


එම රැස්වීමේදී ගනු ලැබූ තීරණ අද රැස්වන පක්ෂ විධායක සභාවට දැනුම්දීමට ද නියමිත බව සඳහන්ය.



Post a Comment