අකුරු කරන්නට ගිය පුංචි දැරියට මොකද වුණේ?


බලංගොඩ හුලංගම මහ විද්‍යාලයේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන 8 හැවිරිදි දැරියක අද උදෑසන පාසලේ රැස්වීමේදී එකවරම බිම ඇදවැටීමත් සමග ඇය රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුර මියගොස් තිබේ.


විදුහලේ කාර්ය මණ්ඩලය දැරියව කඩිනමින් රෝහල් ගත කිරීමට රැගෙන ගියද ඇය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව බලංගොඩ රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.


පසුගියදා පාසල් ක්‍රීඩා උළෙලකදී දිවීමේ තරඟයක් අතරතුර ද සිසුවෙකු ඇද වැටීමෙන් මියගිය පුවතක් වාර්තා විය.



Post a Comment