නගරාධිපතිට හා ‍සේවකයෙකුට විදෙස්ගතවීම තහනම්!



කොට්ටේ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මධුර විතානගේ මහතාට අයත් පරිගණකයක් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපති ජනක රණවකට හා තවත් සේවකයෙකුට විදේශ ගතවීම තහනම් කරමින් උසාවිය නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද පැමිණිල්ලක් අනූව සැකකරුවන් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙරේදා පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.


එහිදී සැකකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියමකර ඇති අතර විදෙස්ගත වීමද තහනම් කරමින් නියෝගයක් ලබාදී තිබේ.


මීළඟ නඩු විභාගය ලබන 27 වැනිදාට කැඳවීමට නියම කර ඇත.



Post a Comment