ජනපති කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ යළි රිමාන්ඩ්


ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක මහතා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබී සොයා ගැනුණි.


කෙසේවෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන තුනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කීර්ති දිසානායක මහතා පෙරේදා පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.


ඒ අනුව ඔහු ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.


අද දිනයේ නඩුව යළි කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.



Post a Comment