බැංකි මූන් දැන් ධානාත්මකව බලනවාලු


ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ සිදුවු බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිදුකරන අභ්‍යන්තර විමර්ශනයේ වර්ධනයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා ප්‍රවේශමෙන් තක්සේරු කරනු ඇති බව ජගත් මහලේකම් බැංකිමුන් මහතා පවසයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සමග දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවන බව ජගත් මහලේකම්වරයා කියයි.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබු වාර්තාව කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බැංකි මුන් මහතා මේ බව ප්‍රකාශ කළ බව මහලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශ ෆර්හාන් හක් ප්‍රකාශ කර ඇත.


ශ්‍රී ලංකාවේ නව රජය මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ ධනාත්මක මතයක් දරන බැංකි මුන් මහතා, ඒ සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලබන උත්සාහයන්ට සහය පළ කරන බව ද ප්‍රකාශ කර තිබේ.



Post a Comment