බේකරී නිෂ්පාදන වල මිල ගණන් අඩුවෙයි

බේකරි නිෂ්පාදන වල මිල ගණන් අඩු කිරිමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම බේකරි නිෂ්පාදන වල මිල ගණන් රුපියලත් රුපියල් 5 ත් අතර මිලකින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි.


අද(01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.


රජය ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් තිරිඟු පිටි වල මිළ අඩු කළ අතර ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 6කින් අඩු කිරීමට ද බේකරි හිමියන්ගේ සංගමය පසුගිය දා පියවර ගන්නා ලදී.



Post a Comment