තලවකැලේ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ නෑ

තලවකැලේ ප්‍රදේශයේදී උඩරට දුම්රිය මග හරස් කරමින් උද්ඝෝෂණයේ නිරත වී සිටි ප්‍රදේශවාසීන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකළ බව පොලීසිය පවසයි.

අද පස්වරුවේ බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගය තලවකැලේ ප්‍ර දේශයෙන් හරස් කරමින් විරෝධතාවයේ පිරිසක් නියැලි තිබුණි.


අදාළ පිරිසට කඳුළු ගෑස් ප්‍ර හාරයක් එල්ල වු බවට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රචාරයක් දියත් කළ අතර එසේ කිසිදු සිදුවීමක් නොවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


පසුගිය දින තලවාකැලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන් වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මෙම පිරිස එලෙස විරෝධය දක්වන ලදී.


කෙසේ වෙතත් ජලාශට පැන අතුරුදහන් වු පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට හමු වී ඇති බව වාර්තාවෙයි.



Post a Comment