නීති පොතයි චෙක්පොතයි පෙරළන හැටි

අඟරු චෙක්පත් මඟින් මුදල් වංචාවක් සිදුකළ නීතිඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී අදාළ නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


අදාළ නීතිඥවරයා විසින් අඟරු චෙක්පත් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් වංචා කර ඇති බවට සහ ව්‍යාජ ඔප්පු සකසා ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත.


සැකකරු 65 හැවිරිදි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment