“මමත් ටිකක් කලකිරීමෙන් ඉන්නේ”


තමාද පසුගිය ආණ්ඩුවේ සිටි කෙනෙක් බවත්, අනවශ්‍ය දේවල් වලට ඔළුව නමන්න බැරිනිසා එම රජයෙන් ඉවත් වූ බවත්, වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (20) පෙරවරුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.


දේශපාලන බලපෑම්, මැදිහත්වීම්වලින් තොරව රාජ්‍ය ආයතනවලට කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතු බවට නව රජය තීරණය කර ඇති බවද ඒ මහතා එහිදී කියා සිටියේය.


කෙසේ වුවද “මමත් ටිකක් කලකිරීමෙන් ඉන්නේ‍ හොරුන්ට දඬුවම්දීම ප්‍රමාද නිසා” යැයිද ඇමතිවරයා පැවසීය.


එසේම විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇතැමුන් තමාට දුරකථනවලින් හා වෙනත් ක්‍රමවලින් දැනුම් දෙන බවද, “ඇස්වලින් බලලා මගේ අත්දෙකෙන් අත ගාලා තමයි” තමන් ඒ ගැන පියවරක් ගන්නේ යැයිද රණතුංග මහතා ප්‍රකාශ කළේය.


“මම අහිංසක නෑ වැරදිකරුවන් කවුරු වුණත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි. ජනපතිවත් අගමැතිවත් මේ ආයතනවලට අතගහන්න එන්නේ නෑ. ආයතන ඇතුළේ දේශපාලන කරන්න එපා. මම දේශපාලන පවුලක ඉපදුණ නිසා අවශ්‍ය විදියට නිවැරදි තීරණ ගන්නවා. මේවායේ අනවශ්‍ය වියදම් අවම කරන්න. හොරකම් නතර කරන්න” යැයි ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment