ෆයිසර් මුස්තාෆා අමාත්‍ය ධුරයට සමුදෙන්න යයි

ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන බව ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ඔහු පවසන්නේ නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අදහස් කර සිටින බවයි.


රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී සිදුකරන අතර තුර නීතීඥ වෘත්තියේ යෙදීමේ දී ගැටලු මතුවන බැවින් මෙම තීරණයට එළඹි බව ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.


කෙසේ වෙතත් නව රජයේ දින සියයේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදෙන බව ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වුව ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවයි.



Post a Comment