ගල්කිස්සේ දෙපිරිසක් අතර ගැටුමක් - අයෙක් මරුට

ගල්කිස්ස ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ(31) රාත්‍රී ප්‍රදේශයේ හෝටලයක් තුළ දී පාර්ශව දෙකක් අතර ගැටුමක් හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.


එහිදි බරපතළ ලෙස කැපුම් තුවාල ලැබු පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 39 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


පාර්ශව දෙකක් අතර කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විර්ශනවලදී අනාවරණය වී තිබේ.


ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්ය.



Post a Comment