හිටපු ජනපති ලේකම් බිරිඳට රනිල්ගෙනුත් පත්වීමක්

ඉකුත් පාලන සමයේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සේවය කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය යළිත් වරක් රක්ෂණ මණ්ඩලයේ සභාපති ලෙස පත් කර තිබේ.

මීට පෙරාතුව ඇය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස ද කටයුතු කළාය.


කෙසේ වුවද කොටස් වෙළඳ‍ෙපාළ සිදුවූ බව කියන අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමට යා‍ෙම්දී ඇති වූ බලපෑම් මත ඇය එම තනතුරින් ඉවත් වූ බව කියැවිණ.


ඒ අනූව එම තනතුරට තිලක් කරුණාරත්න මහතා ද පත්වූ අතර ඔහුට ද එම ඉරණම අත්වූ නිසා කරුණාරත්න මහතා ද එම තනතුර අත්හැරියේ සුගතදාස මහත්මියට මෙන් තමාට ද එහි කටයුතු කරගෙන යාමට බාධා එල්ල වී ඇති බව පවසමිනි.


කෙසේ හෝ පසුගිය රජයේ ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කළ බොහෝ දෙනෙකු නව රජය බලයට පත්වීමත් සමග ස්වකීය ධූරවලින් ඉල්ලා අස්වූ අතර ඇතැම් අය වෙනත් ආයතනවලට මාරුකර යවන ලදී.


කෙසේ වෙතත් ඉන්ද්‍රානි සුගතදාස මහත්මියට තමා සේවය කළ ස්ථානයේම අදාළ තනතුර ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබේ.



Post a Comment