කරාපිටිය රෝහලේ ආපන ශා‍ලාවේ ගින්නෙන් ඖෂධ ගබඩාවකටත් හානි


ගාල්ල, කරාපිටිය රෝහලේ ආපන ශාලාව ගින්නකින් විනාශ වී තිබේ.


ඊයේ රාත්‍රී 11.00 ට පමණ එහි ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසීය.


ගින්න හටගත් අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය එය නිවාදැමීමට උත්සාහ කළත් අසාර්ථක විය.


කෙසේ හෝ ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එය මැඩපැවැත්වීමට කටුයුතු කර තිබේ.


ගින්න නිසා ඒ අසල තිබූ ඖෂධ ගබඩාවකටත් හානි සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment