යාල රක්ෂිතයේ මහ පරිමාණ කංසා හේන් 3ක්


යාල රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කංසා හේන් 3ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.


යාල රක්ෂිතයේ කන්දකැටිය ප්‍රදේශයේ අක්කර 7ක පමණ ප්‍රදේශයක මෙම කංසා හේන් පවත්වාගෙන ගොස් ඇත.


එම හේන්වල කංසා ගස් 50,000කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබී ඇති බව සඳහන්ය.


සිද්ධියට අදාළව සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.


ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බුත්තල පොලිස් ස්ථානය වෙත බාරදී ඇත.



Post a Comment