ගිංතොට ප්‍රාථමිකය ඉවත් කිරීමට එරෙහිව මව්පියන් පාර වසයි

ගිංතොට විද්‍යාලයේ ප්‍රාථමිකය (1-5) දක්වා පංති ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මව්පියන් පිරිසක් අද (19) ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මේවන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මේ නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බව අප වාර්තාකරු පැවසීය.


පළමු වසරට ළමුන් ගැනීම සඳහා උත්සවයක් අද ගාල්ල මහින්ද විද්‍යාලයේ පැවැත්වෙන අතර ඊට නව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සහභ‍ාගි වෙමින් සිටියි.


ඔහුට මෙම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට විරෝධතාවයට එක්වූ කිහිප දෙනෙකු සුදානම් වූ නිසා මාර්ගයේ එක මංතීරුවක් වාහන ධාවනයට ඉඩදීමට විරෝධතාකරුවන් පොලීසියට එකඟවිය.


ඡායා රූ - සනත් පතිරණ.



Post a Comment