ගිරිඋල්ලේ කර්මාන්ත ශාලාවකට රෙදි සෝදන කුඩු ගෙන්වන මුවාවෙන් නීති විරෝධීව ගෙන්වූ රුපියල් කෝටි 13ක් පමණ වටිනා දුම්වැටි ලක්ෂ 44ක තොගයක් රේගු බාරයට ගෙන තිබේ.
ඩුබායි සිට පසුගිය මස 18 වැනිදා මෙරටට ගෙන්වන ලද කන්ටේනරයක තිබී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇති අතර බදු නොගෙවා හොර පාරෙන් ගෙනා මෙම දුම්වැටි තොගයෙන් රේගුවට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 247කි.
ඔරුගොඩවත්ත කන්ටේනර් බහුලම් අංගනයේ තිබූ මෙම සැකකටයුතු කන්ටේනරය පරික්ෂා කිරීමේදී එහි දුම්වැටි තොගය තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
මේ අතර රත්‍රං ජාවාරමේ නිරත වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එරට නෙදුම්බසරි ප්‍රදේශයේ පිහිටි කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 13 පමණ වටිනා රත්‍රං ග්‍රෑම් 400 ක් ඉන්දීය රේගු බලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකාර කාන්තාවන් විසින් එම රත්‍රං ඔවුන්ගේ වස්ත්‍ර තුළ සඟවා ගෙන පැමිණ ඇති බව රේගු බලධාරීන් පවසයි.

Post a Comment