විදේශ අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මංගල සමරවීර මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර ඔහු ඊයේ දිනයේදී නවදිල්ලි නුවරට ළඟා වුණි.
ඊයේ පෙරවරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය මුණගැසුණු මංගල සමරවීර මහතා රටේ දේශපාලන තත්ත්වය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව විදේශ අමාත්‍යවරිය දැනුවත් කර ඇත.
මේ අතර අද දිනයේ විදේශ අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව ඔහු ඉන්දීය ආරක්ෂ උපදේශක අජිත් ද්වාල් සහ කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. මේ අතර ඉන්දු - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡා වලින් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සෙයිඩ් අක්බුදීන් මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව පිළිබඳ නිවැරදිව තේරුම්ගත් අසල්වාසියෙකු ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බවයි.

Post a Comment