කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ දී දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.
අද පෙරවරුවේ අදාළ පුද්ගලයා දෙබර ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
දෙබර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලිසිය පැවසුවේය.

Post a Comment