හෙට පාර්ලිමේන්තුව අවට මාර්ග වැසෙයි

ජාතික නිදහස් උත්සවයේ පෙරහුරුවක් හේතුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගණය අවට මාර්ග කිහිපයක් හෙට(27) පෙරවරුවේ වසා තැබෙන බව පොලිසිය පවසයි.

හෙට උදෑසන 08.30 සිට දහවල් 12.00 දක්වා එම මාර්ග වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


ඒ අනුව පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය ඉදිරිපස මාර්ගය, ජපන් මිත‍්‍රත්ව පාර, පොල්දුව හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර සහ පාලම් තුන හන්දියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය මෙලෙස වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් වැඩිදුරටත් පැවසුවේය.



Post a Comment